මුල් පිටුව සකස් කරගන්නා ආකාරය

Revision Information
  • Revision id: 4382
  • Created:
  • Creator: sahan86
  • Comment: Translated this page into Sinhala.
  • Reviewed: Yes
  • Reviewed:
  • Reviewed by: ranganath
  • Is approved? Yes
  • Is current revision? Yes
  • Ready for localization: No
Revision Source
Revision Content
Translation in progress.


ඔබ මුලින්ම ෆයර් ෆොක්ස් ක්‍රියාත්මක කල විට, දිස්වෙන මුල්ම පිටුව ලෙසට ඔබට කැමති වෙබ් පිටුවක් දිය හැක. මුල් පිටුව ලෙසට, එක වෙබ් පිටුවක්, වෙබ් පිටු කීපයක් හෝ හිස් පිටුවක් වුවත් ලබා ගත හැක.

  • නිරන්තරයෙන් "Firefox has just updated" යන පණිවුඩය දිස් වෙනවනම් පහත ලින්ක් එකට යන්න.

Firefox says it's just updated every time it starts - how to fix.


තනි වෙබ් පිටුවක් මුල් පිටුව ලෙසට තේරීම.

  1. ඔබට මුල් පිටුව ලෙසට ලබා ගැනීමට අවශ්‍ය වෙබ් පිටුවට යන්න.
  2. වෙබ් පිටුවේ ලිපිනය දැක්වෙන තැනට වම පසින් ඇති අයිකනය ඇදගෙන ගොස් ඒ අසලම ඇති "ගෙය" සලකුණ මතට ගෙන ගොස් අත හරින්න. (පහත ඇති රූපය බලන්න).

    266d42376d7d58a8f40ef9dae1236252-1258698578-56-1.png
  3. වෙනස අනුමත කිරීමට Yes ඔබන්න.

වෙබ් පිටු කීපයක් මුල් පිටුව ලෙස සකස් කිරීම.

  1. ඔබට මුල් පිටුව ලෙසට ලබා ගැනීමට අවශ්‍ය වෙබ් පිටුවකට යන්න.
  2. මුල් පිටුව ලෙස ලබා ගැනීමට අවශ්‍ය අනිත් වෙබ් පිටු ටැබ් වලට අරගන්න.
  3. මෙනු බාරයේ ඇති "Tools" ක්ලික් කල විට ලැබෙන ලැයිස්තුවෙන් "Options" තෝරාගන්න.

දැන් ලැබුන නව වින්ඩෝවේ ඇති "General" යන අයිතමය ක්ලික් කරන්න.

266d42376d7d58a8f40ef9dae1236252-1258698578-56-3.png

  1. Use Current Pages යන්න ක්ලික් කරන්න .
  2. "OK" බොත්තම ඔබන්න.

ෆයර් ෆොක්ස් විවෘත කල විට දිස්වෙන පිටුව පාලනය කිරීම.

  1. මෙනු බාරයේ ඇති "Tools" ක්ලික් කල විට ලැබෙන ලැයිස්තුවෙන් "Options" තෝරාගන්න.
  2. දැන් ලැබුන නව වින්ඩෝවේ ඇති "General" යන අයිතමය ක්ලික් කරන්න.
  3. මෙම වින්ඩෝවේ දිස්වෙන "When Firefox starts:" යන්න ආසන්නයේ ඇති මෙනුවෙන් ඔබට අවශ්‍ය වෙනස් කිරීම සිදු කර ගත හැක.

එහි අන්තර්ගතය:

    • Show my home page - මුල් පිටුව පෙන්වීම.
    • Show a blank page - හිස් පිටුවක් පෙන්වන්න (ඉක්මන් ආරම්භයක් ලබා ගත හැක.)
    • Show my windows and tabs from last time - අන්තිම වරට අරගෙන සිටි පිටු පෙන්වන්න. වැඩි විස්තර Restore previous session - Configure when Firefox shows your most recent tabs and windows.
  1. "OK" බොත්තම ඔබන්න.

ෆයර් ෆොක්ස් මගින් මුලින්ම ලබාදෙන පිටුව මුල් පිටුව ලෙස සකස් කිරීම.

  1. මෙනු බාරයේ ඇති "Tools" ක්ලික් කල විට ලැබෙන ලැයිස්තුවෙන් "Options" තෝරාගන්න.
  2. දැන් ලැබුන නව වින්ඩෝවේ ඇති "General" යන අයිතමය ක්ලික් කරන්න.
  3. මෙම වින්ඩෝවේ ඇති Restore to Default.

    266d42376d7d58a8f40ef9dae1236252-1258698578-56-4.png
    ක්ලික් කරන්න
  4. "OK" බොත්තම ඔබන්න.